Sunday, April 19, 2026
Homeදේශීය"එහෙම එපැයි කරන්ඩ " රනිල් ජාත්‍යන්තරේට දුන්න සැර උත්තරේට මහින්දගෙන් පැසසුම්!

“එහෙම එපැයි කරන්ඩ ” රනිල් ජාත්‍යන්තරේට දුන්න සැර උත්තරේට මහින්දගෙන් පැසසුම්!

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකිරීම ජනතාවගේ ද බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේ දී කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

*ජනාධිපතිගේ කතාව කොහොමද?

“හොඳයි කතාව ඉතිං”

*එතුමා කියනවා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නෑ කියලා ?

” ඔව් ඒක තමයි ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ”

*ඔබතුමත් ඉස්සර සැරට කතා කළා ජාත්‍යන්තර මාධ්‍යට දැන් රනිල් මහත්තයත් ඒ ගානට හිගින් තියෙනවා.

“ඒක හොඳයි,එහෙම එපැයි කරන්ඩ”

*චැනල් ෆෝ ගැන ඔබතුමාගේ මතක කොහොමද?

“චැනල් ෆෝ වලට ඕන විදිහට අපට නටන්න බෑනේ “

READ:   සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්