Saturday, May 30, 2026
Homeදේශීයරථවාහන ආදායම් බලපත්‍රය ගෙදර ඉඳන් ගන්න ක්‍රමයක්

රථවාහන ආදායම් බලපත්‍රය ගෙදර ඉඳන් ගන්න ක්‍රමයක්

මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බව ඒ මහතා පැවසුවා.

මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

READ:   රුපියල ශක්තිමත්වීම හා ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්