ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (18) එරට අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ධනුෂ්ක තවත් කාන්තාවක් සමඟ පැමිණ සිටීම එරට මාධ්‍ය සමීපව වාරතා කර තිබුණා.

2022 දී පන්දුවාර 20 තරගාවලියක් අතරතුර ධනුෂ්ක ගුණතිලකට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ අතර එහිදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක පසුව ඇප මතා මුදාහැරුණා.
ධනුෂ්කට එරෙහිව චෝදනා 4ක් යටතේ නඩු පවරා තිබූ අතර පසුව ඉන් චෝදනා 3ක් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණා.
කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ යන චෝදනාව යටතේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි අධිකරණයේ දී ධනුෂ්කට එරෙහි නඩුව තවදුරටත් විභාග කෙරෙනවා.


