මෙවර ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දී තිබෙනවා.
1999, 2003 වර්ෂවලත් ක්‍රිකට් තරග පාවාදීම් සිදුව ඇති බැවින් මෙවර අවසන් මහා තරගයත් ඉන්දියාවට පාවා දුන්නා ද යන්න සැක සහිත බව එම සංවිධානය පවසනවා.
මේ හේතුවෙන් අවසන් තරගයේ දී සිදුවූ දේ රටට හෙළි කර යුතු බව ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා සිටිනවා.


