Sunday, June 14, 2026
Homeදේශීයහදවතේ නායකයාට අවසන් ගෞරවය දක්වන්න දහස් ගණනින් පාරට බැස්ස අප්‍රිකානුවෝ

හදවතේ නායකයාට අවසන් ගෞරවය දක්වන්න දහස් ගණනින් පාරට බැස්ස අප්‍රිකානුවෝ

දකුණු අප්‍රිකාවේ ප්‍රවීණ දේශපාලන නායකයෙකු වන මැංගෝසුතු බුතෙලෙසී පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

file

කළු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් හඬනැඟු ජනප්‍රිය දේශපාලකයෙකු ලෙස හඳුන්වන බුතෙලෙසී මියයන විට 95 වන වියෙහි පසුවුණා.

ඔහු සුදු – සුළුතර පාලනයට එරෙහි සටනට නායකත්වය දුන් බෙදුම්වාදී නායකයෙකු ලෙස හඳුන්වන අතර සූලූ රජ පවුලේ සාම්ප්‍රදායික අගමැති ලෙස කටයුතු කර තිබුණා.

file

ඔහුගේ මරණයට ශෝකය පළ කරමින් විශාල ජනකායක් මේ වනවිට උලුන්ඩි නගරය වෙත එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ණභේදයට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ පුද්ගලයෙකු වන බුතෙලෙසී නෙල්සන් මැන්ඩෙලා නිදහස් කර ගැනීමට අඛණ්ඩව සටන් කළ පුද්ගලයෙකු වෙනවා.

බුතෙලෙසිගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරවය යටතේ සිදුකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එහි දර්ශන පහතින් ,

file
file
READ:   ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට අනු කාරක සභාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්