ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 13 වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ පාකිස්තානය කණ්ඩායම තියුණු තරගයකින් කඩුලු දෙකකින් පරාජයට පත් කරමින්.
වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගයේදී කණ්ඩායම් දෙකටම පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 42තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 252ක් රැස් කළා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Mohammed Rizwan ලකණු 86 (73) ක් රැස් කළා.
Abdullah Shafique ලකුණු 52 යි.
අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 03ක් බිඳ දැමුවා. ප්‍රමෝද් මධුශාන් කඩුලු 02ක් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 253ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී සිටියදී, 42 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය පසුකර ගියා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 91ක් රැස් කළා. සදීර සමරවික්‍රම ලකුණු 48 (51) යි.
අවසන් මොහොත දක්වා තරගය අත් නොහරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා ගෙන ගිය චරිත් අසලංක පන්දු 47කදී නොදැවී ලකුණු 49 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ ලබන ඉරිදා ආසියානු කුසලානය වෙනුවෙන් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.


