ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 252ක් රැස් කළා.
ඒ පන්දුවාර 42ක් තුළදීයි.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mohammad Rizwan නොදැවී ලකණු 86ක් පන්දු 73කින් රැස් කළා.
ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගින්.
Abdullah Shafique ලකුණු 52 (69) යි. Iftikhar Ahmed ලකුණු 47 (40)යි.
අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 03ක් බිඳ දැමුවා.
ප්‍රමෝද් මධුශාන් කඩුලු 02ක් දවා ගත්තා.
පන්දුවාර 42ක් තුළ ලකුණු 253ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.


