Monday, July 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - පාකිස්තාන තරගය ගැන තීරණයක්

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය ගැන තීරණයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයට නැවත වරක් වර්ෂාවෙන් බාධා පැමිණුනා.

ඒ හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු තරගය මේ වන විට යළිත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙවර කණ්ඩායම් දෙකටම පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

වැස්ස හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීම නිසා කණ්ඩායම් දෙකටම මුලදී ලබා දී තිබුණේ පන්දුවාර 45ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 05 ක් දැවී ලකුණු 130 ක් ලබා ගෙන සිටියා.

පන්දුවට පහරදීමේදී Abdullah Shafique ලකුණු 52 (69) ක් රැස් කළා.

මතීෂ පතිරණ කඩුලු 02 ක් දවාගත්තා.

මේ අතර වැස්සෙන් බධා පැමිණීම හේතුවෙන් තරගය අත්හැරදැමුවොත් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙනවා.

ඒ පාකිස්තානයට වඩා ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉහළින් පැවතීම හේතුවෙන්.

READ:   කුසලානයක බලාපොරොත්තු ඇති කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්