Friday, July 24, 2026
Homeදේශීයදින 10ක් තුළ ඩෙංගු රෝගීන් 900ක්. පාසල් ළමුන් අවදානමක

දින 10ක් තුළ ඩෙංගු රෝගීන් 900ක්. පාසල් ළමුන් අවදානමක

ගතවූ දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ.

ඩෙංගු රෝගීයට ගොදුරුව ඇති පිරිසෙන් 20%ක් පාසල් ළමුන් බව ඒ මහතා පවසනවා.

පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම පාසල්වල පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන ලෙස ඒ මහතා ඉල්ලා සිටිනවා.

දිවයින පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර යළි හිස ඔසවමින් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

සියලු දෙනා එක්ව මදුරුවන් බෝ වන තැන් විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

READ:   තරුෂි ලක්මව රනින් සරසයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්