Wednesday, April 22, 2026
Homeදේශීයබීලා වාහන එලවන් ගියොත් මෙදා පොටේ සොරිම තමයි..

බීලා වාහන එලවන් ගියොත් මෙදා පොටේ සොරිම තමයි..

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල පන්දහසක් (5000) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වා තිබෙනවා.

එම පරීක්ෂණ කට්ටල අතරින් තුන් දහසක් (3000) යොදා ගනිමින් බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය මගින් මැයි මස 10 වැනිදා සිට ජුලි මස 20 වනදා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව සඳහන්.

එමගින් හඳුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම් දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදු කර ඇති අතර අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක්‍ හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතු වෙනවා.

නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක්‍ ශ්‍රී ලංකා පොලීසිය වෙත නිල වශයෙන් භාරදීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.

READ:   මෙරට වයස්ගතම හස්ථීරාජයා දිවි ගමනට සමු දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්