Friday, June 5, 2026
Homeදේශීයසෞඛ්‍ය ගැටලුව ගැන කියන්න නියෝජිතයෙක් අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට.

සෞඛ්‍ය ගැටලුව ගැන කියන්න නියෝජිතයෙක් අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වෙනවා.

එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද (11) එරට වේලාවෙන් ප.ව. 12.00 – 01.00 ත් අතර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුකාරී තත්වය, ඖෂධවල ප්‍රමිතිය තක්සේරු කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීම, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පසෙකට දමා නිසි ටෙන්ඩර් පටිපාටිය නොසලකා හරිමින් කටුයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකෙරෙන දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන්ද එහිදී සමුළුවේ අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   හම්බන්තොට විදුලි විසන්ධිය නතර කිරීමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්