Tuesday, May 26, 2026
Homeදේශීයතෙල් 250ට දෙන්න පුලුවන් කියු කතාව බොරුවක්ලු

තෙල් 250ට දෙන්න පුලුවන් කියු කතාව බොරුවක්ලු

ඉන්ධන ලීටරයක් රු.250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යයක් බව විගණකාධිපතිවරයා පවසනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) විගණකාධිපතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා එම ප්‍රකාශයෙන් සමස්ත ජනතාවම නොමග යවා ඇති බව විගණකාධිපතිවරයා පැහැදිලි කරනවා.

හිටපු සභාපතිවරයා ඉදිරිපත් කරන දත්ත හා ගණනය වැරදි බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.

ඒ අනුව ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් තුළ ඒ බව ජනතාවට දැනුම්දෙන ලෙසට මෙහිදී ඔහු නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඉකුත් 6 වනදා රැස් වුණා.

file
READ:   ජනතා අභිලාශයන්ට සවන් දී ශ්‍රී ලංකාව සාමයේ පිහිටුවන්න - ශුද්ධෝත්තම පාප් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්