Monday, June 22, 2026
Homeදේශීයපාස්කු ඉරිදා ප්‍රහාරය: සමාව දීමට සූදානම් බව කාදිනල් හිමි කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය: සමාව දීමට සූදානම් බව කාදිනල් හිමි කියයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බව දැන් දැන් පැහැදිලි වෙම්න් පවතින බව කාදිනල් හිමියන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන්වත් ජාත්‍යන්තරයට පිළිගත හැකි පරික්ෂණයක් පවත්වන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් නම් සඳහන් වනවා නම් ඔවුන් නම්බුකාර ලෙස එම තනතුරුවලින් ඉවත්ව පරික්ෂණ සඳහා ඉඩ ලබා දිය යුතු බව කාදිනල් හිමියන් අවධාරණය කර සිටිනවා.

ඇත්තට මොකද වුණේ යන්න හොයා ගැනීමට අවශ්‍ය බවත් වරද කළා නම් වැරදි පිළිගතයුතු බවත් ඊට සමාව දීමට සුදානම් බවත් උන්වහන්සේ පවසනවා.

වරදකරපු අය පිට කොන්දක් තබා ගෙන වරද පිළිගෙන, වරද වෙච්ච අයගෙන් සමාව ගත යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබෙනවා.

READ:   බලය වෙනුවෙන් අනෙක් පක්ෂ හවුල්කරගන්නේ නැහැ. - ටිල්වින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්