Saturday, April 25, 2026
Homeක්‍රීඩාඉන්දු පාකිස්තාන් ගැටුමට සහෝදරත්වය ගෙනා කෝලි..

ඉන්දු පාකිස්තාන් ගැටුමට සහෝදරත්වය ගෙනා කෝලි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A” කාණ්ඩය යටතේ තරගයක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය දරන පාකිස්තානය හා ඉන්දියාව අතරයි.

දෙරට අතර පවතින මතභේදාත්මක ගැටලු හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවත්වන තරගයන් කෙරෙහි කාගෙත් දැඩි අවධානය හිමි වෙනවා.

මේ අතර අද තරගයට එක් වෙන ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් සිය අවසන් පුහුණු තරගයට සහභාගී වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ වඩාත් සමීපව කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍යට මුදා හැර තිබුණා.

එම ඡායාරූප කෙරෙහි දෙරටහි මෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

file

ආසියානු කුසලානයේ තරග සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයේ යෙදවීමට පසුගියදා ඉන්දීය ක්‍රිකට් බලධාරින් අකමැතිවීම කැපීපෙනන අවස්ථාවක් වුණා.

file

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත් වීමෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කළා.

file
file
file
READ:   ඝාතනයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්