Tuesday, September 15, 2026
Homeදේශීයඅස්වැසුමේ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ බැංකුවලට

අස්වැසුමේ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ බැංකුවලට

අස්වැසුමට අදාළ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ සිකුරාදා සිට බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසා තිබෙනවා.

ලක්ෂ හයක පමණ වන පිරිසකට මේ යටතේ ප්‍රතිලාභ හිමිවන බව එම මණ්ඩලය පවසනවා.

විරෝධතා සහ අභියාචනා මෙන්ම අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් ද තවදුරටත් පරික්ෂා කෙරෙමින් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ මුදල් මේ වනවිටත් බැර කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

READ:   අස්වැසුම දෙන්නේ කොච්චර කාලෙකටද? මෙන්න තීරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්