Thursday, March 5, 2026
HomeදේශීයUPDATE: පාදුක්ක වෙඩි පහරින් මියගියේ ගුවන් හමුදා රගර් ක්‍රීඩකයෙක් - ශ්‍රී ලංකා...

UPDATE: පාදුක්ක වෙඩි පහරින් මියගියේ ගුවන් හමුදා රගර් ක්‍රීඩකයෙක් – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු යි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ඒ බව සඳහන් කර තිබෙනවා.

අද අලුයම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ රථ වාහන පරික්ෂාවකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

යතුරු පැදියකින් පැමිණි අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමට යාමේදී ඔහු පොලිසිය දෙසට වෙඩි තැබීමට උත්සහ කළ බවත් එහිදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති බවත් වාර්තා වුණා.

අදාළ පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කරන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

READ:   ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්