Tuesday, April 21, 2026
Homeක්‍රීඩාආසියානු කුසලානයේ පළමු තරගයෙන් පාකිස්තානයට සුපිරි ජයක්

ආසියානු කුසලානයේ පළමු තරගයෙන් පාකිස්තානයට සුපිරි ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය ලකණු 238කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තානය සමත්වුණා.

ඒ නේපාලයට එරෙහිවයි.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Babar Azam පන්දු 131කින් ලකුණු 151ක් රැස් කළා.

Iftikhar Ahmed නොදැවී ලකුණු 109යි.

ජයග්‍රාහණයට ලකුණු 343ක ඉලක්කයක් හබා ගිය නේපාල කණ්ඩායම පන්දුවාර 23.පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 104ක් පමණයි.

අගනා පන්දු යැවීමක නිරත වූ Shadab Khan කඩුලු 04ක් බිඳ දැමුවා.

READ:   ගොවීන්ට නොමිලේ පොහොර බෙදා දීම ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්