Wednesday, April 15, 2026
Homeක්‍රීඩාපාකිස්තානයෙන් ලකුණු 343ක ඉලක්කයක්

පාකිස්තානයෙන් ලකුණු 343ක ඉලක්කයක්

ආසියානු ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්තානය හා නේපාල කණ්ඩායම අද තරග බිමට පිවිසියා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක බාබර් අසාම් පන්දු 131 කින් ලකුණු 151 ක් ලබාගත්තා. ඊට 06 පහර 04ක් සහ 04 පහර 14ක් ඇතුළත් වුණා.

Iftikhar Ahmed පන්දු 71 කින් ලකුණු 109ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 343ක ඉලක්කයක් හබා යන නේපාල කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 14ක් ලබා ගෙන සිටිනවා.

තරගය පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත්වෙනවා.

READ:   BREAKING: දමිතා අබේරත්න රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්