Saturday, July 25, 2026
Homeක්‍රීඩාතියුණු තරගයකින් පාකිස්තානය පෙරමුණට

තියුණු තරගයකින් පාකිස්තානය පෙරමුණට

ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර පැවැති දෙවන එක්දින තරගය තියුණු තරගයකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 300ක් රැස්කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 151 කින් ලකුණු 151ක් රැස් කළා.

Ibrahim Zadran ලකුණු 80යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 301ක ඉලක්කයක් හබා ගිය පාකිස්තාන කණ්ඩායම අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 09ක් දැවී සිටියදී.

පාකිස්තානය වෙනුවෙන් Imam -ul- Haq ලකුණු 91 (105) , Babar Azam ලකුණු 53 (66) Shadab Khan ලකුණු 48 (35) වශයෙන් රැස්කළා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Fazalhaq Farooqi කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.

READ:   ජින්තුපිටියෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයා ගැන නවතම නිවේදනය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්