Tuesday, July 28, 2026
Homeක්‍රීඩාගාල්ල පරාජය කරමින් කැන්ඩි LPL අවසන් මහා තරගයට

ගාල්ල පරාජය කරමින් කැන්ඩි LPL අවසන් මහා තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකණු 34 කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කින් ලකුණු 48ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 38යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 123ක් පමණයි.

වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 02 බැගින් දවාගත්තා.

ඒ අනුව බී ලව් කැන්ඩි කණ්ඩායම මෙවර LPL අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.

දඹුල්ල ඕරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම

අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

READ:   රටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්