Wednesday, April 15, 2026
Homeදේශීයවැරදුනු හූනියම කට්ටඩියාගේ ජීවිතය බිල්ලට ගනී

වැරදුනු හූනියම කට්ටඩියාගේ ජීවිතය බිල්ලට ගනී

මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි කාන්තාවන් ඇතුළු සිව්දෙනෙකු එම නිවසේ සිටි කට්ටඩියෙකු නැමති පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.

ඊයේ (18) සිදුකර ඇති මෙම පහරදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අසල නිවසක දියුණුව පතා කළ යාතිකාවක් අතරතුර නිවසේ කාන්තාවකට අයුතු යෝජනාවක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ඊට අකමැතිවීමෙන් අනතුරුව කට්ටඩියා එම නිවසට තව තවත් කරදර එන පරිදි හදි හූනියම් කර ඇති බව පවසමින් කට්ටඩි පුද්ගලයා සිටි නිවසට එම පිරිස පැමිණීමෙන් මෙම ආරවුල ඇතිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමඟ පැමිණි ඥාති කාන්තාව ඇතුළු පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   පාර්ලිමේන්තුව විඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්