Monday, April 27, 2026
Homeදේශීයපෑලියගොඩ නිවසක හදිසි ගින්නක්

පෑලියගොඩ නිවසක හදිසි ගින්නක්

පෑලියගොඩ, බියගම පාර, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (18) සවස මෙම ගින්න හටගෙන තිබෙනවා.

නිවසේ පළමු මහලේ කාමරයක ගින්න හටගෙන ඇති බවත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ හිමිකරු හා ඔහුගේ පුතා පමණක් සිට ඇති අතර ඔවුන් දෙදෙනා පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසනවා.

නිවසේ හිමිකරු වාහන ලිහිසි තෙල් බෝතල් වලට දමා අලෙවි කිරීම සිදුකර ඇති අතර එම බෝතල් ඇසුරුම් කිරීමට යාමේදී ගින්න හටගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ගෝඨාභය තවත් දින 14ක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්