Tuesday, August 25, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (18) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ත් 45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

READ:   "ජැක්සන් ඇන්තනී නැවත නැගිටින් නෑ" - ජැක්සන් ඇන්තනී ගැන ඇඟ හිරිවැටෙන පුවතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්