Thursday, April 23, 2026
Homeදේශීයගලෙන්බිඳුණුවැව ගොවීන්ගේ පපු ගින්නේ තරමක්

ගලෙන්බිඳුණුවැව ගොවීන්ගේ පපු ගින්නේ තරමක්

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව රිටිගල වනජීවී කලාපයට අයත් යකල්ල අංක 187 තුලන කරුවලගස්වැව ඉදිවැව ප්‍රදේශයට ඊයේ රාත්‍රීයේ පැමිණි වන අලි රංචුවක් විසින් ප්‍රදේශයේ ගොවි ජනතාව වගාකර තිබූ පොල්,කෙසෙල්,බඩඉරිඟු,බංඩක්කා,පේර,අඹ වැනි බෝග රැසක් විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.

මානන්කට්ටිය රක්ෂිතය දෙසින් පැමිණි වන රංචුවක් මෙසේ වගාවන් විනාශ කර දමා ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල පවතින නියං කාලගුණය හමුවේ ඉතාමත්ම බොහොම ආමාරුවෙන් මෙම වගාවන්වලට ජලය යොදා මෙම වගාවන් සිදුකරන බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.

තවද තමන් ළග තිබූ අතකන කර පවා උකසට තබා මූල්‍යය ආයතනවලට ණය වී අධික මිලගණන් වලට පොහොර සහ කෘෂි රසායනික මිළදීගෙන වගාවන් සිදුකළත් මෙසේ වන අලි හානිකර යාමෙන් කිසිදු පල ප්‍රයෝජනයක් නැති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ වන අලි ගැටලුව තවදුරටත් උත්සන්න වෙන්න ගත්තොත් ගම්මානවලට වන අලි කඩාවැදී ජන ජීවිත වලටද හානි සිදුකිරීමටද ඉඩ ඇති බවයි.

මෙම වන අලි ගැටලුවට ඉතාමත්ම කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව බළදාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

READ:   16 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධිය: සැකකරුවෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්