Friday, September 11, 2026
Homeදේශීයතියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

දොඩංගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (14) අලුයම කාලයේ පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ දොලේලන්ද, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දොඩංගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   හිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්