Sunday, May 31, 2026
Homeදේශීයඅවුල් වියවුල් මැද විදුලියත් විසංධි වෙයි ද?

අවුල් වියවුල් මැද විදුලියත් විසංධි වෙයි ද?

රටේ නිර්මාණය වී ඇති විවිධ ප්‍රශ්න සහගත වාතාවරණය අතර තවත් ගැටලුවක් ජනතාවගේ පිට පැටවෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ විදුලිබල ඉංජිනේරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන්. ඊට දැන් දැන් ම විසඳුම් නොදුනහොත්, පවත්නා කාලගුණික තත්ත්වය හමුවේ එය තරමක් සැළකිය යුතු බලපෑමක් ජනතාවට එල්ල කිරීමට ඉඩ තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. මෙය ආරම්භ කළේ අද මධ්‍යහනයේයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ ඉල්ලීම් හයක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව, සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීකරණය, ජ්‍යේෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම, වැනි කරුණු ඒ හය අතරට අයත්. අද දහවල් 12 සිට මේ වන විට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා නිශ්චිත කාල සීමාව තුළ පමණයි.

කෙසේනමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී අදාළ කාලයෙන් පිටත සේවයේ යෙදෙන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඉල්ලීම් සඳහා විසදුම් නොලැබේ නම්, මේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව සංගමය පවසනවා. එවිට විදුලි බිඳ වැටීම් හා හදිසි තත්ත්වයන්වලදී නියමිත ⁣වේලාවට හැර සේවයට අතිරේකව වාර්තා කිරීම සිදු නොවනු ඇති.

READ:   රනිල් බැඳුම්කරේ විමර්ශනවල චූදිතයෙක් නෙවෙයි! - ශෙහාන් සේරසිංහ කියයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්