පැතිරීමේ ප්‍රමාණය තරමක් අඩු වී තිබූ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම යළිත් වේගවත් වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දෛනික මරණ සංඛ්‍යාවද යම් ඉහළ අගයකට ගමන් කරමින් පවතින බව ඉකුත් දින කිහිපය තුළ දත්ත සළකා බැලූ විට පෙනෙන්නට ඇති කරුණක්. ඊයේ (24) දිනට අදාළව තහවුරු කරන ලද අද වාර්තා කෙරුණු, කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 27ක්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 7 දෙනෙකු ද ඊට අයත්. එම කොරෝනා මරණ 27 වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නවතම වීඩියෝ
-
🔴අධිකරණ බලය ගමට ?? පැය 24 න් යුක්තිය බලාපොරොත්තුවෙන් හිටපු ජනයාට හොදටම තරහා ගිහින්??භාරත හෙළිකලදේ.
-
කැඹිලිත්ත රක්ෂිතය අවට හරක් ගාල් කිරීම නිසා බරපතල වන විනාශයක්.
-
සෑම දිස්ත්රික්කම නාගරික පාසල්වල මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළට.රටම එකට මෙහෙයුමේදී හෙළිවු භයානක තත්වය
-
🚨ඉල්ලා අස්වුනු මිගමු නගරාධිපති මාධ්‍යයට කියපු ඇත්ත කතාව.


