Friday, July 17, 2026
Homeදේශීයතිස්සගේ මවට හා බිරිඳට අපහස කරන්න එපා.. -රෝහිණී ඉල්ලයි..

තිස්සගේ මවට හා බිරිඳට අපහස කරන්න එපා.. -රෝහිණී ඉල්ලයි..

තමන්ට කළ අපහාස සම්බන්ධව කතානායකවරයා හෝ තිස්ස කුට්ටිආරච්චිගේ පාර්ශවයෙන් ඔහුට එරෙහිව නිසි පියවරක් ගෙන නැති වීම සම්බන්ධව තමන් කණගාටු වෙන බව රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය පවසනවා. අදාළ පාර්ශව සාධාරණත්වයට ඉඩක් ලබා දී නොමැති බව ඇගේ අදහසයි. නමුත් එම මන්ත්‍රීවරයා කළ කී දෑ සම්බන්ධව ඔහුගේ මව හා බිරිඳ වගකිවයුතු නැති බව ඇය අවධාරණය කරනවා. එබැවින් මන්ත්‍රීවරිය සමස්තයෙන් ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍යවල දී එම කාන්තාවන් ඈඳාගනිමින් තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධව ඇති ආවේගය පිට නොකරණ ලෙසයි. එය වක්‍රාකාරව යළිත් කාන්තාවන්ට අපහස කිරීමක් ලෙස ඇය දකිනවා. ⁣

READ:   UPDATE: පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු උප නගරාධිපතිට ඇප..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්