Tuesday, April 21, 2026
Homeදේශීයවගා හානි තක්සේරු කිරීම ඇරඹේ..

වගා හානි තක්සේරු කිරීම ඇරඹේ..

මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානිවීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඊයේ (10) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවක දී එම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර තිබේ.

යල කන්නයේ පවතින දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදුවී ඇතත් දැනට සිදු කර තිබෙන තක්සේරු කිරීම් අනුව වැඩිම වගා හානි සිදුවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කරනවා.

මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළ කෘෂිකර්ම අමාත්‍වරයාටය ලබා දීමට ද නියමිත බව සඳහන්.

කෙසේ වුව ද මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බව පවසා ඇති කෘෂිකර්ම අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතාගැනීමටවත් නොහැකි වනු ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

වගාහානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරයි.

පසුගිය වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වෙනවා.

READ:   රටින් ගෙන්වන සහල් සතුන්ට මිසක් කෑමට සුදුසු නෑ - කෘෂිකර්ම ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්