Saturday, October 17, 2026
Homeදේශීයබදුල්ල රෝහල අනතුරේ?

බදුල්ල රෝහල අනතුරේ?

බදුල්ල රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක අද (10) පස්වරුව වන විට විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඒ රුපියල් කෝටි 7කට අධික හිඟ විදුලි බිලපතක් නොගෙවීම හේතුවෙන්.

ඊයේ (09) දිනයේ ද රෝහලේ හෙද පුහුණු අංශය වෛද්‍ය නිල නිවාස හා හෙද නිල නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර ඇත.

අද පස්වරුවේ රුපියල් කෝටි දෙකක් විදුලි බිල වෙනුවෙන් ගෙවා ඉතිරි හිඟ මුදල් සතියක් ඇතුළත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත යළි රෝහලට විදුලිය ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   ඇමරිකාවේ රෙඩ්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ - දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්