මෙරට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලට අදාළ, ගාස්තු අය කිරීමේ දී LANKAQR හරහා ගෙවීම් සිදු කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මහාමාර්ග අමාත්‍යවරයා විසින්. ඒ අනුව අධිවේගී මාර්ග හරහා සිය ගමන් කටයුතු සිදු කරන රියදුරන්ට, අදාළ ජංගම යෙදවුම මගින් තත්පර අටත් දහයත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට හැකියාව පවතිනවා. මුදල්, නෝට්ටු හා කාසි ලෙස භෞතිකව පරිහරණය covid 19 ව්‍යාප්තිය හමුවේ අවම කිරීම වඩාත් උචිත බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන අතර මෙම ක්‍රමවේදය නිසා එම අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් පහසුවක් සැලසෙනු ඇති. ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ කවුන්ටරයේ ගේට්ටුවේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් ඊට පිවිස අදාළ ගෙවීම් සිදු කළ හැකියි.
නවතම වීඩියෝ
-
දානිෂ් අලි පාපන්දු සංගමයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලුවාද?හර්ෂණ රුක්ෂාන්ගෙන් විශේෂ හෙළිදරව්වක්.
-
🚨ඩිජිටල් රටක් හදන්න ආව ඇවිදින පුස්තකාල ටික ඩො.මිලි 2.5ක් හැකර්වරුන්ට පූජා කළා.-සජිත්|විශේෂ ප්‍රකාශය
-
🚨ඩොලර් මංකොල්ලේ සම්පුර්ණ ඇත්ත කථාව මෙන්න.මෙච්චර කල් සැගවු රහස මුදල් අමාත්‍යාංශ ලේකම් අද හෙලිකරයි.
-
දිලිත්ගේ ඇස් දෙකටත් කඳුලු ආපූ ඒ මොහොත.


