අද පෙරවරු 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ද මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
රටේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයින වටා මුහුදේ තත්ත්වය මත ධීවර හා නාවික ප්‍රජාවටද සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
තද සුළඟින් හා අකුණුවලින් විය හැකි අනතුරු අවම කරගන්න.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නවතම වීඩියෝ
-
🔴ටිල්වින් අගමැතිධූරය ගත්තේ නැත්තේ ඇයි??ටිල්වින් එදා කිව්ව කථාව අද හරිද??
-
නීතිඥ සංගමේ සභාපතිට අසිත නිරෝෂන් ගහපු මඩට නීතිඥ මධුර විතානගේ දුන් පිලිතුර.
-
දෙයියෝ දීපු ටැලන්ට් එකක් ඒක.බේරුවලදී මැණික් ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීමට නාමල් කෙලින්ම කියපුදේ.
-
මාලිමාව බලය ගන්නත් ජනතාව රැවටුවා.දැන් බලය පවත්වා ගන්නත් ජනතාව රවටනවා. සජිත් හොරව්පතානේදී කිව්ව කථාව.


