Saturday, October 10, 2026
Homeදේශීයපාසල් සිසුවෙක් දියේ ගිලී මරුට

පාසල් සිසුවෙක් දියේ ගිලී මරුට

මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පිරිසක් අතර සිටි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඊයේ (07) උදෑසන මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මහවැල් ගම්මානය, පොල්ලේ බැද්ද ප්‍රදේශයේ පදිංචි ළමයෙකි.

මියගිය ළමයා තවත් කිහිප දෙනෙකු සමඟ එම වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක අදාළ ළමයා ඔහු බේරාගැනීමට යෑමේදී දියේ ගිලී ඇති බව වාර්තා වෙනවා.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ICC හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තිදෙනෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්