Sunday, June 14, 2026
Homeදේශීයපානදුර මූලික රෝහලේදී මළ සිරුරු 2ක් මාරු වෙයි

පානදුර මූලික රෝහලේදී මළ සිරුරු 2ක් මාරු වෙයි

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළ සිරුරක් ලෙස අවසන් කටයුතු සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී වයස අවුරුදු 89 ක හා 93 කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු එකිනෙක මාරු වී ඇතැයි දැනගන්නට ඇත.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස 21 වන දා මිය ගොස් ඇති අතර ඇයගේ මළ සිරුර වෙනුවට ඥාතීන්ට 26 වෙනි දින භාර දී ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළ සිරුර බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මළ සිරුර එදිනම මඩකලපුව ඔට්ටමාවඩු ප්‍රදේශයේ මිහිදන් කර ඇති බව ද එම ආරංචි පවසයි.

93 හැවිරිදි කාන්තාවගේ දියණිය ඊයේ (28 )මවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සමග රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළ සිරුර එහි නොමැති බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර තිබේ.

ඒ වන විටත් මේ පිළිබඳ නොදත් රෝහල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇති අතර නීතියට සම්බන්ධ එම කාන්තාව විසින් තම මවගේ මළ සිරුර ඉල්ලා දැඩි ස්ථාවරය සිට ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරුව විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත් වීමෙන් අනතුරුව රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කිරීමේ තීරණය මත සිද්ධිය සමථ වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

READ:   දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්