Saturday, September 12, 2026
Homeදේශීයෆයිසර් එන්නත ලබා දීමේ බලය යුද හමුදාවට පැවරේ

ෆයිසර් එන්නත ලබා දීමේ බලය යුද හමුදාවට පැවරේ

කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබා දීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරා තිබේ.

ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයින්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.

එලෙස එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ තොරතුරු ද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත.

සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදී ද පිටස්තර පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය.

ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබා දෙන බවත් එන්නත ලබා දෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබා නොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

අමෙරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේ ය.

READ:   ජනමාධ්‍ය මර්දනයට ක්‍රියාත්මක උත්සහයක් ගැන දන්වමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් කථානායකට ලිපියක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්