Friday, April 24, 2026
Homeදේශීයඇසල පුන් පොහෝ දිනය අදයි..

ඇසල පුන් පොහෝ දිනය අදයි..

ඇසල පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේ අද වැනි පුන් පොහෝය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

උන්වහන්සේ ගිහිගෙය කලකිරී මහ අභිනිෂ්ක්‍රමණය සිදුකිරීමත් රාහුල කුමරුන්ගේ උපත සිදුවීම සිදුවන්නේත් ඇසල පුර පොහොය දිනයක යි.

මැණියන්ට උපස්ථාන කිරීමේ වටිනාකම ආදර්ශයක් කොට පෙන්වා දෙමින් බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට සද්ධර්මය දේශනා කරන්නේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

ලෝක සත්වයා වෙනුවෙන් සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම සද්ධර්ම දේශනාව පවත්වා ඇත්තේ ද ඇසල පුර පසළොස්වක පොහෝ දිනයක බව ශාසන ඉතිහාසය සඳහන් කරනවා. මේ හේතුවෙන් මුළු මහත් ලෝකයේ වෙසෙන බෞද්ධ ජනතාවට වඩාත් වැදගත් පොහෝ දිනයක් බවට ඇසල පොහොය නිතැතින් පත්වෙනවා.

ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ සුවිශේෂී පොහෝ දිනයක් වන ඇසල පුන් පොහෝ දිනය බෞද්ධ ජනතාව මහත් හරසරින් යුතුව සමරණු ලබයි.

READ:   අහසට යැවූ බැලූනයක් ගිනිගෙන කඩා වැටී, නිවසක් ගිනිබත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්