Sunday, September 13, 2026
Homeදේශීයඅවුරුදු 3ක දැරියකගෙන් ජගත් වාර්තාවක්

අවුරුදු 3ක දැරියකගෙන් ජගත් වාර්තාවක්

file

ලෝක නායකයින්ගේ ඡයාරූප බලා ඔවුන්ගේ නම් කියවූ දැරියක් තැබූ ජාත්‍යන්තර වාර්තාවක් පිළිබඳව පුවතක් හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඇය අවුරුදු 03ක් වයසැති සෙන්තුල් කුමාර් භවිෂානා නැමති දැරිය යි.

දැරිවිය රාජ්‍ය නායකයින් 60 දෙනෙකුගේ ඡයාරූප බලා පරිගණක හරහා ඒවා විනාඩියයි තප්පර 6කින් නම් කර තිබෙනවා.

අන්තර්ජාලය හරහා පසුගිය අප්‍රේල් 6 වනදා ඇය මෙම තරගයට සහභාගී වී ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් බුක් ඔෆ් රෙකෝඩ්ස් ජාත්‍යන්තර පොතෙහි වාර්තාවක් පිහිටුවීමට දැරිවිය සමත්ව තිබේ.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්