මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක දැරියක් ඉකුත් 17 වනදා සිට අතුරුදන්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් දැරියගේ පියා මීගමුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
අතුරුදහන්ව ඇති දැරියගේ නම ආරච්චිගේ ගයාත්‍රී දෙව්ශානි සූරියසිංහ වන අතර ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය නොවීම හේතුවෙන් දැරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.
ඡායාරූපයේ සඳහන් එම දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
එම දුරකථන අංකයන්,
මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 8591630
මීගමුව පොලිසිය – 031 2222227



