Saturday, June 6, 2026
Homeදේශීයකොරෝනා එන්නත්කරණය හමුදා රෝහල්වල

කොරෝනා එන්නත්කරණය හමුදා රෝහල්වල

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවට අයත් තෝරා ගත් රෝහල්වල අද (05) සිට කොවිඩ් 19 මර්දනය සඳහා වන එන්නත්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකු බස්නාහිර පළාත තුළ හමුදා රෝහල් වෙත දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැමිණීමෙන් සයිනෝෆාම් එන්නත ලබා ගත හැකි බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නාරාහේන්පිට යුද හමුදා රෝහල ප්‍රධානකොට වේරහැර හා පනාගොඩ යුද හමුදා රෝහල්වල ගුවන්පුර ගුවන් හමුදා රෝහල හා රත්මලාන, කටුනායක හා ඒකල ගුවන් හමුදා කඳවුරු සහ වැලිසර නාවික හමුදා කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානය, මාතර යුද හමුදා කඳවුර, ගාල්ල කොටුව යුද හමුදා කඳවුර, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල, දියතලාව යුද හමුදා රෝහල, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යුද හමුදා රෝහල්වල එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

READ:   ආචාර්ය උපාධියක් හැදෑරීමට රජයේ සේවකයන්ට නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්