දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා අද (05) සිට තවත් දින 14කට බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ආසන ධාරිතාවෙන් මගීන් සියයට 30කට ගමන් කළ හැකි පරිදි බස්නාහිර පළාත තුළත් මගී සංඛ්‍යාව බස් ධාරිතාවෙන් සියයට 50ක් ගමන් කළ හැකි පරිදි අනෙක් පළාත් තුළත් පොදු ප්‍රවාහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
ආසන ධාරිතාවයට පමණක් පුද්ගලික/කුළී රථ සහ ටැක්සි රථවල ගමන් ගත හැකි මගී සංඛ්‍යාව සීමා කර තිබෙන අතර 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය කළ හැකි බවත් අවමංගල්‍ය අවස්ථාවකදී දේහය මුදා හැර පැය 24ක් ඇතුළත පුද්ගලයින් 15කගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ පද්ධතියෙන් ප්‍රකාශ කර ඇත.
පළාත් සංචරණ සීමා දින 14කින් දිගු කරයි
නවතම වීඩියෝ
-
🔴 සාම පාගමනට මහනුවරදී එකතුවු මහා ජන ගංගාව මෙන්න.
-
හදාගන්න,අපි එනවා බලන්න!!ඇමති සමන්ත බදුල්ලේ දිට්වා වන්දි දෙමින් කියපු කථාව.
-
කැබිනට් එකේදී ජනාධිපතිතුමා තීන්දු කළා!! සියලු රාජ්‍ය සේවකයින් ගන්න.සමන්ත දුන්න සුභ පණිවිඩය.
-
මේ ආණ්ඩුව මසක් දෙකක් ඇතුලට වට්ටන්න පුුලවන්.අපි නැවේ ගිලෙන දවස ලගයි.මැදගොඩ අභයතිස්ස හිමි කිව්ව කථාව.


