Thursday, June 4, 2026
HomeදේශීයSTF වෙඩි පහරකින් සැකකරුවෙකු මරුට

STF වෙඩි පහරකින් සැකකරුවෙකු මරුට

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා සැකකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

මෙහිදී විශේෂ කාර්ය බලකාය එල්ලකළ වෙඩි පහරින් සැකකරු මියගිය බව පොලිසිය පවසනවා.

ඊයේ (19) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.

එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබූ සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ අපරාධ කල්ලි සමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්