ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතයි.
ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී.
උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන අවමංගල්‍ය උත්සවය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයින් ද ඇතුළුව ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගීවීමට නියිමත බවයි වාර්තා වන්නේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී.
උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරෙන අවමංගල්‍ය උත්සවයේ දර්ශන පහතින්,