Saturday, April 25, 2026
Homeදේශීයකොටි පැටවුන් කොටි මවට භාර දෙන්න මෙහෙයුමක් අරඹයි

කොටි පැටවුන් කොටි මවට භාර දෙන්න මෙහෙයුමක් අරඹයි

මස්කෙළිය ගුලැනූජ් තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු කම්කරුවන් පිරිසකට හමුව තිබුණා.

පසුව ඔවුන් එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට භාර දී තිබුණා.

එම පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාම සඳහා වනජීවී නිලධාරීන් විසින් මෙහෙයුමක් 17 සහ 18 යන දිනවලදී ක්‍රියාත්මක කළා.

දිවාකාලයේ දී කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවල සඟවා ආහාර සොයා යන බවත් ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් යැයි සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බවත් වනජීවි නිලධාරීන් පවසනවා.

මෙලෙස මිනිසුන් විසින් පැටවුන් ඇල්ලීම නිසා මව් විසින් පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළා.

කොටි මව විසින් තම පැටවුන්ට ලබාදෙන පෝෂණය සියයට සියක් වනජීවි නිලධාරීන්ට ලබා දිය නොහැකි බව එම නිලධාරීන් පවසනවා.

මේ හේතුවෙන් තේ පඳුරු, කුඩා කැළෑ බිම් ආශ්‍රිතව සිටියදී හමුවන කොටි පැටවුන් අල්ලා ගැනීමට යාමෙන් වැළකී හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස වනජීවී නිලධාරීන් පවසනවා.

එලෙස කටයුතු කිරීම තුළින් ඉන් අනතුරුව කොටි මව පැමිණ තම පැටවුන් රැගෙන යාමට කටයුතු කරන බව එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

file
file
file
file
READ:   ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්