Wednesday, April 29, 2026
HomeදේශීයBREAKING NEWS: තවත් වෙඩි තැබීමක්

BREAKING NEWS: තවත් වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේ අද (19) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කොග්ගල උතුරු කඩවර ප්‍රදේශයේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 62ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අදාළ පුද්ගලයින් තිදෙනා නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව විපරම් කර ඇති අතර එය දුටු නිවසේ සිටි දැරියක් කෑ ගසා තිබේ.

ඒත් සමඟ නිවසෙහි සිටි පියා නිවසට එළියට පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

READ:   කොළඹ දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළත් බේරගන්න අමාරුයි - කැස්බෑව MOH
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්