මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
ඒ අනුව එම අරමුණින් සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (29) එම අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.
මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට ඉරානය මෙහිදී සිය එකඟතාව පළ කර ඇති අතර ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද සිය රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දැනුම් දී ඇත.
ඒ අනුව එම ඉල්ලීම් ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ඉරානයේ සහාය ඉල්ලයි
නවතම වීඩියෝ
-
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැස්වෙයි.සත්‍යග්‍රහය හකුලාගත්තා කියන කථාවට මෙන්න දුන්න උත්තරය.
-
බහු දින ධීවර යාත්‍රා දියත් මඟ ඇමති සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙයි !!
-
පොසොන් එකට රේස් එකේ බයික් පදින මල්ලිලාට පොලීසියෙන් අවසන් නිවේදනයක්
-
🔴සලේ ගැන කතාව පුළුවන් නම් දයාට එළියේ කියන්න කියයි-අකුලපු අට්ටාලේ මතක්කර ජයසිංහ ආ අලුත්ම තීන්දුවකියයි


