Wednesday, June 3, 2026
Homeදේශීයවැවක පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරක් හමුවෙයි..

වැවක පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරක් හමුවෙයි..

කුරුණැගල පොලිස් වසමේ වැව ගෙදර වැවේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට කුරුණෑගල පොලිසියට තොරතුරක් ලැබී ඇත.

ඊයේ (17) සවස ලැබුණු මෙම තොරතුර මත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත දේහය මේ වනවිට කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසනවා.

වයස අවුරුදු 65ත් 70ත් අතරවූ උස අඩි 05 පමණ පුද්ගලයෙක් බවත් ඔහු සුදු පැහැති අත්දිග කමිසයක් හා සුදු ඉරි සහිත නිල් පැහැති සරමක් ඇද සිටි බවත් පොලිසිය සඳහන් කළා.

කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ජී.එල්.පීරිස් පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්