Monday, June 15, 2026
Homeදේශීයනාඳුනන පුද්ගලයෙකු දුම්රියක ගැටෙයි

නාඳුනන පුද්ගලයෙකු දුම්රියක ගැටෙයි

හික්කඩුව පොලිස් වසමේ වැල්ලවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (17) උදෑසන සිදුවූ මෙම අනතුරින් මියගිය මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පවසනවා.

එම පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ වන නිල් පැහැති දිග කලිසමක් හා උඩුකයට දුඹුරු පැහැති අත්දිග කමිසයක් ඇද සිටින පිරිමි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පැතුම්ගෙන් සුපිරි ශතකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්