Saturday, April 25, 2026
Homeදේශීයකළුතර සහ මීගමු මුහුදේ ධීවර වැඩ තහනම්!

කළුතර සහ මීගමු මුහුදේ ධීවර වැඩ තහනම්!

කළුතර සහ මීගමුව අතර මුහුදු ප්‍රදේශ ධීවර කටයුතු සඳහා තහනම් කලාපයක් ලෙස පත් කිරීමට මීගමුව මීගමුව ප්‍රදේශය නියෝජනය කරන ධීවර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ මීගමුව නරග සභා කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.
ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ කටයුතු හා අදාළ වෙරළ තීරය පිරිසිදු කිරීම් අවසන් වී නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු තහනම් කර ඇති බව ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
මේ හේතුවෙන් ධීවර කටයුතු කර ගෙනයෑමට නොහැකිව අදායම් අහිමි වූ කණ්ඩායම් සියල්ල හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වන්දි මුදල් ඉදිරියේදී ලබා දීමටද සූදානම් කර ඇති බවත් අදාළ වන්දි ලබාදීමට අවශ්‍ය තක්සේරු කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ධීවර රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

READ:   දහම් පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්