කළුතර සහ මීගමුව අතර මුහුදු ප්‍රදේශ ධීවර කටයුතු සඳහා තහනම් කලාපයක් ලෙස පත් කිරීමට මීගමුව මීගමුව ප්‍රදේශය නියෝජනය කරන ධීවර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ මීගමුව නරග සභා කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.
ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ කටයුතු හා අදාළ වෙරළ තීරය පිරිසිදු කිරීම් අවසන් වී නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු තහනම් කර ඇති බව ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
මේ හේතුවෙන් ධීවර කටයුතු කර ගෙනයෑමට නොහැකිව අදායම් අහිමි වූ කණ්ඩායම් සියල්ල හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වන්දි මුදල් ඉදිරියේදී ලබා දීමටද සූදානම් කර ඇති බවත් අදාළ වන්දි ලබාදීමට අවශ්‍ය තක්සේරු කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ධීවර රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
කළුතර සහ මීගමු මුහුදේ ධීවර වැඩ තහනම්!
නවතම වීඩියෝ
-
🚨BREAKING විපක්ෂනායක සමග එකතුවෙන්න කිව්වේ ආණ්ඩුව.සාකච්ඡාවෙන් පසු මෙන්න විපක්ෂයේ ප්‍රබලයෝ කිව්ව කථාව.
-
🚨ආණ්ඩුවට රිදෙයි!!විපක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු මනෝ ගනේෂන් කියපු කථාව.
-
ඔය අධිකරණ ඇමතිතුමාගේ තාත්තයි බාප්පයි එදා බොහොම අමාරුවෙන් ජීවිතේ බේරාගත්තේ
-
අජිත් පී පෙරේරා සභාව දෙවනත් කරයි. විනිසුරු විශ්‍රාම වයස?? ජනවරමත් තියාගෙන් තාම එකක් කරලා තියෙනවද??


