Friday, September 11, 2026
Homeදේශීයඅද හෙට මස්, මාළු, සුරාසැල් වැසේ

අද හෙට මස්, මාළු, සුරාසැල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් අද (26) සහ හෙට (27) සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව එම මාධ්‍ය ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා මෙම නියෝග කර තිබේ.
ඒ අනුව සියලු සුරාසැල්, සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවිසැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳසැල් ඔස්සේ මත්පැන් අලෙවිය හා මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයිද අගමැතිවරයා දන්වා ඇත.

READ:   ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත නිදහස් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්